කොළඹ ප්රදේශ කිහිපයකට අත්හිටුවා තිබූ ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවට ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයෙන් නිවේදනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඹතලේ සිට දෙහිවල දක්වා දිවෙන ප්රධාන ජල සැපයුම් අත් හිටුවීමට පියවර ගෙන තිබුණේ මාර්ගයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්.
එබැවින් කොළඹ ප්රදේශ කිහිපයකට ඊයේ දිනයේදී ජල කප්පාදුවක් සිදු විය.
එමෙන්ම ඊයේ දින ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පොදු ස්ථාන වෙත බවුසර් මඟින් පානීය ජලය බෙදා හැරීමට සූදානම් බව ද ප්රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට අඳාළ ජල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවට දැනුම් දී ඇත.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments